Ad

ගෝඨාභය ආසියාවේ ආදර්ශමත්ම නායකයා බවට පත් වෙමින් තියෙනවා-අමරවීර



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහයෝගය පළ කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට විරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"අද ඡන්දේ නොදීපු අය පවා අගය කරනවා. ජාත්‍යාන්තරයත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඉතාමත් පැහැදීමෙන් කතා කරන්නේ.

ආසියාවේ ආදර්ශමත්ම නායකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වෙමින් යනවා.
තමන්ගේ වරප්‍රසාද, ආරක්ෂාව කප්පාදු කරගෙන මෙතෙක් ජනාධිපතිවරයෙකුට නොලැබුණු ජනප්‍රියත්වයක් එතුමා ලබාගෙන.

ජනතාවගේ පීඩනය අඳුරගෙන, එතුමා ජනතාවට සහන ‍ලබාදෙනවා.
ජාතික නිෂ්පාදන ඉහළ නංවන්න එතුමා වැඩ කරනවා.
ඉදිරියේ දී දකින්න පුළුවන් මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරටදීම නිෂ්පාදනයට දිරිමත් කරලා,

පිටරටින් ගෙන ඒම සීමා කරනවා.
ශ්‍රී.ල.නි.ප.ය කොන්දේසි විරහිතව ජනපතිගේ වැඩපිළිවෙළට සහාය දෙනවා."

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.