Ad

පාලන මිලට සහල් විකිණීම පාඩුයි.



සම්බා සහ නාඩු (තම්බන ලද) සහල් රජයේ පාලන මිලට අලෙවි කළහොත් තමන්ට පාඩු සිදුවන බැවින් සහල් අලෙවිය නතර කිරීමට සිදුවනු ඇතැයි සිල්ලර වෙළෙන්දෝ පවසති. 

සිල්ලර වෙළෙන්දෝ සහල් අලෙවියෙන් ඉවත් වෙති.

තොග වෙළෙඳුන් සම්බා සහ නාඩු (තම්බන ලද) සහල් කිලෝවක් සිල්ලර වෙළෙඳසල්වලට අලෙවි කරන්නේ රුපියල් 96.20 කට බවත්, සහල් අලෙවි කිරීමේදී බෑගය සඳහා යන වියදම ද ඇතුළුව කිලෝවක් සඳහා රුපියල් 99.00ක් වැය කිරීමට සිදුවන බවත් සිල්ලර වෙළෙඳුන් පවසති. තොග වෙළෙඳුන් සපයන කිලෝග්‍රෑම් 25ක සහල් මිටියක ඇත්තේ සහල් කිලෝග්‍රෑම් 24ක් බවද, කිලෝ ග්‍රෑම් 50ක මිටියක ඇත්තේ සහල් කිලෝග්‍රෑම් 48ක් හෝ 49ක් පමණ බව ද පාලන මිලට සහල් විකිණීමෙන් ලාභයක් නැති බවද සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙති. 

රජය විසින් පසුගිය දිනවල සුදු රතු සම්බා (තම්බන ලද), සුදු/රතු නාඩු (තම්බන ලද) කිලෝවක් සඳහා රුපියල් 98.00ක පාලන මිලක් නියම කරන ලදී.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.