Ad

නීතිය ගැන සජිත්ගෙන් දෙබිඩි කතාවක්



පාඨලී චම්පික අත්අඩංගුවට ගන්නා විට වල් වැදුණු නීතිය යැයි කියන සජිත් ප්‍රේමදාස ඔහුට ඇප නියම කළ විට නීතියේ සාධාරණත්වයත් අධිකරණයේ ස්වාධීනත්වයත් ගැන මහ ඉහළින් කතා කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 

එදා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගත යුතු තීන්දු තීරණ පවා ගනු ලැබුවේ අරලියගහ මන්දිරයේ බවත් අද නීතිපති දෙපාර්තුමේන්තුවට කිසිදු බලපෑමකින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම උදාවී තිබෙන බවත් ඒ මහතා කීය. 

උඩුනුවර මානික්කාව ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව පෙරේදා (25දා) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා එසේ කීය. 

එදා අත්අඩංගුවට ගත යුත්තේ කවුද යන්න තීරණය කිරීමට අරලියගහ මැදුරේ පැවැත්වූ සාකච්ඡාවලට සහභාගි වූවන් සුහද ගම්ලත් මහතා රටට හෙළි කළ බවද හෙතෙම අවධාරණය කළේය. 

නීතිය හා සාධාරණත්වය පිළිබඳ මහ ඉහළින් කතා කළ රාජිත සේනාරත්නලා අද තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට සහාය නොදී මග හරින බවත් බොහෝ අයගේ කතාව තුළ ඇති දේ ක්‍රියාවන් නොමැති බවත් රඹුක්වැල්ල පැවසුවේය. 

වර්තමාන රජය යටතේ කිසිදු ආකාරයකින් හෝ දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවද වැරැද්දක් කළ ඕනෑම අයකු හට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සාමාන්‍ය සිදුවීමක් බවද වැරැද්දක් කළොත් දඬුවම නියත බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.