Ad

ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ කටයුතු රාශියක් අපිට කරන්න පුළුවන් වුණා-මෛත්‍රී



ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ කටයුතු රාශීයක් තම පාලන කාලය තුළ සිදු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රිඩා පිළිබඳව සහ පාසල්වලින් බාහිරව කරන ක්‍රීඩා පිළිබඳවත් කටයුතු රාශීයක් තම පාලන කාලය තුළ සිදු කළ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
 
දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි බොහෝ කේන්ද්‍රස්ථාන මුල් කර ගනිමින් ක්‍රිඩාංගන සඳහා අවශ්‍ය සම්පත් ලබාදී මේ කටයුතු කරගෙන ගිය බවද, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්‍රිඩාව යනු තරගකාරීත්වයට පමණක් සීමා වූ දෙයක් පමණක් නොවන බවත් එය මළු මහත් සමාජයම පිළිගෙන ඇති දෙයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.