Ad

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්දනයට විශේෂ ඒකකයක්..



කැලණි ගඟ ආශ්‍රිත අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම ඒකකය ස්ථාපිත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ මහජනතාව බියගන්වා ඔවුන් සතු ඉඩම් අඩු මිලට මිලදීගෙන පසුව ඒවා නීතිවිරෝධී ලෙස ගොඩකර වැඩි මිලට අලෙවි කිරීමේ සහ කප්පම් ලබාගැනීමේ කටයුතුවල නිරත වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීම සඳහා එම ඒකකය පිහිටුවා තිබේ.

එවැනි ආකාරයේ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත උතුර කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ මෙහෙයුම් ඒකකයේ 071 368 000 1 දුරකතන අංකය මඟින් මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බව සඳහන් වෙයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.