හිංසනයට ලක්වූ කාන්තාවන්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා ඇති ප‍්‍රවේශයන් පිලිබඳව දැනුවත් කිරීමක්!



යුරෝපා සංගමය (EU) සහ ඒෂියා පදනම (TAF) එක්ව කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය (VAW)සැමරීම සඳහා ”ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ කාන්තාවන්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා ඇති ප‍්‍රවේශයන් ” යන මාතෘකාව යටතේ කමිටු සාකච්ඡුාවක් පවත්වන ලදී.

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ 1993 ප‍්‍රකාශනය අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අර්ථ දක්වා ඇත්තේ ”පෞද්ගලික හෝ සමාජ ජීවිතයේදී කාන්තාවන්ට කායික, ලිංගික හෝ මානසික හානියක් හෝ වේදනාවක් ඇති කරවන ක‍්‍රියාවක්, තර්ජනය කිරීමක්, බලහත්කාරකමක් හෝ අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීමක්” කාන්තා  හිංසනයක් යනුවෙනි.

යුක්තිය පසි`දලීමට නීති අංශයේ ඇති දුර්වල ක‍්‍රියාකාරිත්වය ඇතුළු හේතු ගණනාවක් නිසා හිංසනයට ලක්වන කාන්තාවන් බහුතරයක් තමන් මුහුණ දෙන හිංසනයන් හෙළි කිරීමට මැලි වෙති. එහිදී කාන්තා හිංසනයන්ට සම්බන්ධ වූ  පුද්ගලයින්ට දඬුවම් නොලැබීමේ සහ අත්හිටවූ දඬුවම් හිමිවීම බහුලව දැකිය හැකිය.
එසේම හිංසනයට ලක්වී ඉන් ගැලවුණු අය සඳහා නීතිමය විසඳුම් ලබා දීමේ ක‍්‍රියාවලිය මන්දගාමී වීම සහ සේවා සපයන්නන්ගේ අසංවේදී භාවයත්, උපායශීලීව විසඳුම් ලබා නොදීමත්් නිසා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළිදරව් කිරීම පිළිබඳව හිංසනයට ලක්වූවන්ට  ඇත්තේ  සෘණාත්මක ආකල්පයකි.

යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා තානාපති ඩෙනිස් ශයිබි මහතා මේ අවස්ථාවට සහභාගී වෙමින් පැමිණ සිටි ආරාධිතයින්, සාකච්ඡුා මණ්ඩලය සහ මාධ්‍යවේදීන් උණුසුම් ලෙස පිළිගත්තේය. එහිදී ඔහු සිදු කළ පිළිගැනීමේ කතාව පේ‍්‍රක්ෂකයන් තුළ අවබෝධයක් ඇති කර වීමට සමත් විය. ඔහු පවසා සිටියේ;

”ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ කාරණයක් වුනත් ආරක්ෂාව, ඒ සඳහා ඇති විසඳුම්, සහ නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව පුළුල් දැනුමක් නොමැති බව දකින්නට පුළුවන්.  යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට අවදානය යොමු කර තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය මගින් සහ හිංසාවට ලක්වුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රයෝගිකව ක‍්‍රියාමාර්ග ගැනීමෙනුයි. හිංසාවට ලක්වුවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා අපරාධ ක‍්‍රියාවලියේ සෑම පියවරක් කෙරෙහිම අවධානය යොමු කරමින් යුරෝපා සංගමය ප‍්‍රමිතීන්ට අනුව අයිතිවාසිකම්, ඔවුන්ට ලබා දෙන සහාය සහ ආරක්ෂාව පිළිබඳවනීතිමය වශයෙන් ක‍්‍රියාමාර්ග ස්ථාපිත කර ඇත ”

TAF හි මෙරට නියෝජිත දිනේෂා ද සිල්වා වික‍්‍රමනායක මහත්මිය අදහස් දක්වමින්  මෙසේ සඳහන් කළාය, ”හේතුන් දෙකක් නිසා අප එකට එක්ව කටයුතු කරමින් සිටිනවා. ඉන් පළමුවැන්න, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරු වූවන්ට සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටු කර දීම උදෙසා දැනට සිදු කර ඇති කාර්යයන් මොනවාදැයි හඳුනා ගැනීමට, දෙවැන්න, වෙනසක් උදෙසා අපට සිදුකල හැකි කාර්ය භාර්යය ඉටු කිරීමට. එහිදී  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සටන අඛණ්ඩව සෑම දිනකම ක‍්‍රියා කළ යුතු සටනක් වෙයි. කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම සඳහා සෑම දිනකම ක‍්‍රියා කළ යුතු වෙනවා.”

සාකච්ඡුා මණ්ඩපයේ ප‍්‍රධාන දේශනය පැවැත් වූ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය අදහස් දක්වමින් පැහැදිලි කළේ කාන්තාවන්ට එරෙහි හිංසනය පරම්පරා තුනකට බලපාන බවයි. එනම් දෙමව්පියන්, වින්දිතයා සහ වින්දිතයාගේ දරුවන් යන අය සියල්ලන්ටම එය බලපෑම් ඇති කරන බවයි. එසේම තාක්ෂණික දියුණුවත් සම`ග ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය විකාශනය වන ස්වභාවය අවධාරණය කළ විනිසුරු තිලකවර්ධන මහත්මිය මෙම තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා උපායමාර්ගිකව කටයුතු කරන ලෙස පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡුා මණ්ඩපය සඳහා ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් ලෙස Women in Need  හි විධායක අධ්‍යක්ෂක සාවිත‍්‍රි විජේසේකර මහත්මිය, ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, නීතිඥ මහේෂ් සේනාරත්න සහ  අමීසා ටීගල් මහත්මිය සහභාගී වූ අතර එය අසියා පදනමේ Justice and Gender  වැඩසටහනේ අධ්‍යක්ෂක ආචාර්ය රමණී ජයසුන්දර මහත්මිය විසින් මෙහෙයවන ලදී.

ප‍්‍රචණ්ඩත්වයට ලක්වූවන්ට ප‍්‍රමාණවත් උපකාරක සේවා නොමැති අවස්ථාවල සෞඛ්‍ය, නීතිමය හා යුක්තිය යන අංශ මගින් සහනදායී සේවාවන් නිර්මාණය කිරීම, ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදීව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණුව ලබා දීම, නීතිමය වශයෙන් සෞඛ්‍ය අංශයේ කාර්යභාර්යය සහ ගෘහස්ත හා ලිංගික හිංසනයට ලක්වූවන්ට සහනදායී සහ සුදුසු ප‍්‍රතිචාර ලබාදීමේදී සෞඛ්‍ය අංශය එ් වෙනුවෙන් පෙනීසිටීමේ වැදගත්කම  පිළිබඳව මෙහිදී සාකච්ඡුා කෙරිණි.

සාකච්ඡුා මණ්ඩපයේ සමාප්ති දේශනය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එෆෙන්ඩි මහත්මිය විසින් පැවැත් වුවාය.



No comments:

Ad
Powered by Blogger.