Ad

පුලුවන් නං කොමිසමක් දාන්න: රන්ජන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්.


පොලිස් අත්අඩංගුවට පත් වූ තමාගේ දුරකතන හඬපට විමර්ශනය කිරීම සඳහා හැකිනම් කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා අද (21) ආණ්ඩුවට අභියෝග කළේය. ඔහු මෙම අභියෝගය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමිනි.

විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණි නමුත් කතානායකවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ ස්ථාවර නියෝග අනුව විශේෂ ප්‍රකාශයක් සඳහා අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

ඉන්පසු විවාදයට එක්වෙමින් රන්ජන් රාමනායක මහතා අදහස් දැක්වූ අතර ඔහු එහිදී ප්‍රකාශ කළේ තමන් අධිකරණයට හෝ පොලීසියට හෝ කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවයි. ඒ පිළිබඳව ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, අවශ්‍ය නම් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කොමිසමක් පත් කරන ලෙසත් ඔහු සඳහන් කළේය.

එවැනි කොමිසමක් පත් කළහොත් තමා දුරකතන හඬපට සහ ෆයිල් මිටියක් සමග කොමිසම ඉදිරියට පැමිණෙන බවත් එවිට ආණ්ඩුවේ සිටින පුද්ගලයන්ගේද සළුපිළි ගැලවී යනු ඇති බවත් රාමනායක මහතා පෙන්වා දෙයි. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන බොහෝ පුද්ගලයන් සමග පැවැත්වූ දුරකතන හඬපටද තමා සතුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.