උදය ශ්‍රී කාරියවසම් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩ අරඹයි!

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා අද (21) වැඩ භාරගත්තේය. 

ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් කාරියවසම් මහතා සිය නව ධූරයේ වැඩභාර ගන්නා ලදී. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත , ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන මහත්වරු ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර කාරියවසම් මහතාගේ ගුරුවරු හා ශිෂ්‍යයින්ද ඒ අතර විය.

පවුලේ සමීපතමයන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

උත්සව සභාව අමතමින් කාරියවසම් මහතා පැවසුවේ වැඩ කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදර්ශය ගත යුතු බවයි. 

ජනාධිපතිවරයා ඉතා සරළව හා නිහතමානීව වටපිටේ සිදුවන දේවල් පිළිබඳ එතරම් තැකීමක් නොමැතිව කෙළින් බලාගෙන වැඩකරමින් සිටින බවයි ඔහු පැවසුවේ. 

කෙසේවෙතත් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් 2011 කාලයේදී මෙන් ඉදිරි කාලයේදීත්  වැඩි ලාභ ලබන ආයතනයක් තත්ත්වයට පත්කර ගත යුතු බව නව සභාපතිවරයා ලෙස උදය ශ්‍රී කාරියවසම මහතා අවධාරණය කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.