Ad

ගෝඨා සර් නොමිලයේ දෙනවා කියූ පොහොර; සල්ලිවලටවත් නෑ!

වී ගොවි තැන සඳහා අවශ්‍ය පොහොර නොමිලයේ ලබා දෙන බව පසුගිය ජනාධිපතිවරණයේදී පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට බලයට පැමිණ ඇතත් ගොවිජනතාව සඳහා නොමිලයේ කෙසේවෙතත් මුදල්වලට හෝ ලබා ගැනීමට වෙළඳපොළේ පොහොර නැති තත්වයක් උද්ගතව ඇති බව ගොවි ජනතාව පවසති.

විශේෂයෙන්ම වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන මෙම පොෆොර හිඟය නිසා මාතලේ සහ ආනුරධපුර දිස්ත්‍රික්කයන්හි වී වගාව සදහා සුදානම්ව සිටින ගොවී ජනතාව දැඩි පීඩාවකට මුහුණපා සිටිති.

කණ්ඩලම ව්‍යාපාරය, දේවහුව ව්‍යාපාරය, කලාවැව ව්‍යාපාරය, හුරුළු පෝෂිත ව්‍යාපාරය ඇතුළු ගොවි ව්‍යාපාර ගණනාවක වී ගොවිතැන සදහා තවාන් හා බිම් සකස් කරගෙන නොමිලයේ පොහොර කෙසේ වෙතත් වෙළඳ පොලේ මුදලට හෝ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි ගොවීහු මැසිවිලි නගති.

ඉකුත් නොවැම්බර මාසයේ ඇදහැළුණු වර්ෂාවත් සමග වී වගාකළ බිම් සියල්ල ජල ගැලීම් නිසා විනාශ වී ගිය බව පවසන ගොවිජනතාව දෙවන වර වී වගාව සදහා පොහොර නොමැතිව අසරණවී සිටින බවත් පොහොර මිටිය රුපියල 1000කට හෝ වෙළඳපොලෙන් මිලදී ගැනීමට වැඩ පිළිවෙලක සකස් කර දෙන රජයෙන් ඉල්ලා සිටිති.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.