Ad

ගොවීන් වගාවෙන් ඈත්වීමෙන් ලූනු රටින් ගේන්න කෝටි 576ක්



ගෙවුණු වසරේදී ලොකු ලූනු ආනයනය සඳහා රුපියල් කෝටි 576කට වඩා වැය කර තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගම් සභාපති යූ.බී. ඒකනායක පවසයි. එමෙන්ම දේශීය ලොකු ලූනු වගා කළ ගොවීන් සියයට 90ක් වගාවෙන් ඉවත් වූ බවද ඔහු කියයි. 

2015 වසරෙන් පසුව දේශීය ලොකු ලූනු ගොවියා කබලෙන් ළිපට ඇද දැමීමට හේතු වූයේ රාජ්‍ය මැදිහත්වීම නොලැබීම, නියඟය, ගංවතුර ඇතුළු ස්වාභාවික විපත් නිසා සාධාරණ මිලක් නොලැබීම බව ඔහු අවධාරණය කරයි. 2012 වසරේ සිට 2015 වසර දක්වා මෙරට ලොකු ලූනු පරිභෝජනයෙන් සියයට 50කට ආසන්න නිෂ්පාදනයක් ගොවියා ලබාදී ඇත. 

2019 වසරේදී දේශීය ලොකු ලූනු වගාව සියයට 10ක් දක්වා පහළ ගිය බවත් දේශීය ලොකු ලූනු පරිභෝජනයෙන් සියයට 95ක් ආනයනය කිරීමට සිදුව ඇති බවත් පැවසේ. 

ඉන්දියාවේ පැවැති ගංවතුර විපත මෙරටට ලොකු ලූනු ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට බලපෑ අතර පාකිස්තානය, බංග්ලාදේශය ඇතුළු රටවල් ගණනාවකින් ලොකු ලූනු ආනයනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත. දේශීය වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසකට ආසන්නය. 

දේශීය ලොකු ලූනු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් 2006/17/18 යන වසරවලදී ලබාදීමට රජය ඉදිරිපත් නොවීම වගාවෙන් ගොවීන් ඉවත් වීමට බලපා ඇතැයි පැවසේ. ලොකු ලූනු වගාවෙන් ඉවත් වූ ගොවීන් අතිරේක ආහාර භෝග වගාවට යොමු වූ අතර ඒ නිසාම එළවළු මිල පහළ යාමත් එළවළු අපතේ යාමත් සිදුවූ බව කියයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.