‍අර්ධ සුඛෝපභෝගී බස් ගැන අවසන් තීන්දුව සතියකින්..



අර්ධ සුඛෝපභෝගී බස් සේවාව පවත්වාගෙන යාම පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි සතිය තුළ ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

බස් රථ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි මගී ප්‍රවාහන කළමානාකරණ අමාත්‍යාංශය සදහන් කළේ. 

එහිදී තම ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස බස් රථ නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් සිදු කර ඇත.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ ප්‍රවාහන සේවාවන් අඩාල කිරිමේ අවශ්‍යතාවක් රජයට නොමැති නමුත් කිසිඳු පහසුකමක් නොදී මහජනතාව ගසා කෑමට ඉඩ ලබාදිය නොහැකි බවයි. 

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ක්‍රියාත්මක වන්නේ නම් ජාතික ගමනාගමන කොමිසම විසින් නියෝග කර ඇති පහසුකම් අදාල බස් රථවල තිබිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් බස් රථ නියෝජිතයින් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් නොකිරිම හේතුවෙන් ඒ සඳහා සතියක කාලයක් ලබා දී ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා සතියකින් අනතුරුව අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවයි දැනුම් දී ඇත්තේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.