Ad

ඔත්පල වූ ආර්ථිකය ශක්තිමත් කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍යයි-බන්දුල

පසුගිය රජය විසින් ගෙන ගිය ඇතැම් අහිතකර තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔත්පල වූ බවත් එසේ ඔත්පල වූ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජයට ඉතා විශාල වගකීමක් දැරීමට සිදුවී ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (01) දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2020 වර්ෂය සඳහා රාජකාරි ඇරඹීමෙන් අනතුරුව පැවති උත්සවයක් අමතමිනි.  

2020 වර්ෂය ඉතිහාසගත වර්ෂයක් බවට පත්කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද වර්තමාන භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසින් සියලු අනවශ්‍ය වියදම් කපා හැර  සම්පත් වඩාත් ඵළදායී ලෙස යොදා ගනිමින් සංවර්ධනය කරා ගමන් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන් දුන්නේය. 

රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවත් රාජ්‍ය සේවකයින් විසින් යම් අක්‍රමිකතා සිදු ක‍ළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරින්  ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බව ද කියා සිටියේය.  
 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.