Ad

සහල් තොග පාලන මිලට



පාලන මිල අනුව සහල් තොග වෙළඳපොලේ පැවතීමේ යහපත් ප්‍රවණතාවක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

පසුගියදිනවල සහල් සඳහා පාලන මිලක් හදුන්වා දෙමින් වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා පියවර ගෙන තිබුණි. 

ඒ අනුව සහල් තොග පවතින මිලට වඩා අලෙවි කරන්නන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් සිදුකළ අතර වෙළඳුන් 3500 කට අධික පිරිසකට නඩු පැවරීමට පියවර ගත්තේය. 

මේවන විට වෙළඳපොලේ නාඩු සහ සම්බා සහල්වල හිඟයක් නොපවතින අතර පාලන මිල අනුව වෙළදුන් විසින් සහල් අලෙවි කරන බව සදහන්. 

කෙසේ වෙතත් සහල් පවතින මිලට වඩා වැඩි මිලට අලෙවි කරන්නන් සහ සහල් තොග සඟවාගෙන සිටින වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.