පිටි මිළ අඩුවුවත් බේකරි නිශ්පාදනවල මිල ගනන් අඩුවී නැහැ.



තිරිඟු පිටි මිල අඩු වීමෙන් පසු පහත දමන බව බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා සඳහන් කළා. එසේ නමුත් බේකරි නිශ්පාදන වල මිල අඩු වී නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

රුපියල් 65ක්ව පැවති පාන් ගෙඩියක මිල පමණක් රුපියල් 5කින් අඩුව තිබෙනවා. සෙසු ආහාරවල මිළ පහත බැසීමක් සිදුව නැහැ. බේකරි නිශ්පාදන ඡංගම අලෙවියේ යෙදෙන්නන් (චුන් පාන් රථ) පවසන්නේ බේකරි නිශ්පාදන මිල පහත දැමිය නොහැකි කරුණු ඇති බවයි.

රජය මගින් මිළ අඩු කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි සඳහා බවත් ඒවායින් බේකරි නිශ්පාදන සිදු කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එසේ නම් පාන් ගෙඩියක මිල අඩු කර ඇත්තේ කෙසේද යන්න තමන්ට ගැටළුවක් බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.