Ad

ජනපති ඕස්ට්‍රේලියාවට තේ දෙයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට (07දා) දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට හටගෙන ඇති ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සිය සංවේගය පළ කිරීමට ජනපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

වසරේ මේ කාලයේ දී ලැව් ගිනි හට ගැනීම ඕස්ටේ‍්‍රලියාවේ සාමාන්‍ය සිද්ධියක් වුවත් මෙවර හටගෙන ඇති ලැව් ගිනි පෙර නොවූ විරු තරම් බියකරු සහ විනාශකාරී බවක් ගෙන දී ඇත.

සාමාන්‍යයෙන් උණුසුම් සමයක් වන ජනවාරි පෙබරවාරි මාසවල ලැව් ගිනි තවත් උග්‍රවනු ඇතැයි බියක් පවතී. ඕස්ටේ‍්‍රලියාවේ සියලු ප්‍රාන්තවලට විපත බලපා ඇතත් වැඩිම විනාශය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්සයටයි. වනාන්තර ගිනි ගැනීමෙන් පහළ අවකාශයේ වායුව බෙහෙවින් දූෂණය වී ඇත.

2004 සුනාමිය සහ වරින් වර ඇතිවන ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඕස්ටේ‍්‍රලියානු ජනයා මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගැනීමට හැකි බව ජනාධිපතිවරයා කීය.

ලැව් ගින්නට ගොදුරු වූ තිස් දෙනෙකුට වැඩි ඕස්ටේ‍්‍රලියානුවන් දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබේ. සහන සේවකයෝ ද ඔවුන් අතර වෙති. වන සතුන් අතර මරණ සංඛ්‍යාව පනස් ලක්ෂයක් පමණ වෙතැයි ගණන් බලා තිබුණ ද එය ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව විශ්වාස කෙරේ.

මේ අවාසනාවන්ත අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියානු ජනයා සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරන බව ද ජනපතිවරයා කීය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.