ලංගම සේවකයින්ගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි.


අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ සේවකයින්ගේ ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

දුර ගමන් සේවා සඳහා පවතින ලංගම බස් රථ සඳහා රියැදුරන් ප්‍රමාණවත් නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, අවිධිමත් ලෙස උසස් වීම් ලබාදීම සහ ස්ථාන මාරු ලබාදීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංගම සේවකයින් සඳහා ලබා දෙන ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.