Ad

උපාධි 8ක් පෞද්ගලික විශ්ව විද්‍යාල 2කින් දෙන්න නව රජයෙන් අවසර..



අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නව උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන දෙකකට අවසර ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා.

උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එල්.එල්.ටී.එස්. ආයතනයට සහ සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී , ඉ – සංචාරක හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) , යන්ත්‍ර විද්‍යුත් පිළිබඳ ඉංජිනේරු විද්‍යා (ගෞරව) සහ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී (ගෞරව) උපාධි පාඨමාලා පැවැත්වීමේ අවසරය එස්.එල්.ටී කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට හිමි වනවා.

මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව , ව්‍යාපාර හා කාර්මික ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ බැංකු කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව යන උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අවසර ලැබී තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය පිරිනැමීම සඳහා එල්.එල්.ටී.එස්. කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මීට ඉහත අවසර ලබාදී තිබූ අතර ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පිරිනැමීමට සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අවසර හිමිව තිබුණා.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.