Ad

එජාප නායකයා කවුරු වුනත් සන්ධාන නායකයා සජිත් විය යුතුයි - මනෝ


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනැඟිය යුතු බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව  මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, හඬ පටි ගැන කලබල නොවෙන බවයි.

එය වැරදි ක්‍රියාවක් බවත් කිසිවෙකුගේ දුරකථන සංවාදයක් පටිගත කිරීම නිතිවිරෝධී වැඩක් බවත් සඳහන් කළ ඒ මහතා, එය සදාචාර විරෝධී ක්‍රියාවක් බවත් පැවසීය.

එම හඬපට තුළින් හෙළිවී ඇති කරුණු සම්බන්ධයෙන් මෙන්ම එයින් අපහසුතාවයට පත්වු අය ගැනත් ආණ්ඩුව විසින් සොයා බැලිය යුතු බවත් පැවසු ඒ මහතා, පැවති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස තමා රාජකාරිය නිසි ලෙස ඉටු කළ බවත් කියා සිටියේය.

සුළු පිරිසකගේ වැඩ හේතුවෙන් අද වන විට තමනුත් දුක් විඳින බව පැවසු ඒ මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් ද යන්න පිළිබඳ තමාට කිසිදු මතයක් නොමැති බවත් පැවසීය.

නමුත් ඒ පක්ෂය වටා සන්ධානයක් නිර්මාණය වන බවත් එහි නායකයා නිසැක වශයෙන්ම සජිත් විය යුතු බවත් කියා සිටි මනෝ ගනේෂන් මහතා, වෙනත් කිසිදු නායකයෙක් එයට සුදුසු නැතැයි ද කියා සිටියේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.