Ad

කෑගල්ල හිටපු DIG අසාත් සාලිට එල්ල.වූ චෝදනා තහවුරු කරයි


කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගෙන් ඔහුගේ හෝමාගම පිහිටි නිවසේදී සෙනසුරාදා දින (11) පැය හතරහමාරකට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

2019 අපේ‍්‍රල් 8 වන දින කොළඹට එල්ල වීමට නියමිත ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය ඔත්තු බැලීමේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (RAW) වෙතින් ලැබුණු බුද්ධි වාර්තා පොලිස්පති පුජිත් ජයසුන්දර විසින් අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර තිබේද යන්න සොයා බැලීම සඳහා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුර මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදුකර තිබේ

2018 දෙසැම්බරයේ මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට කෑගලු දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වන සිරිවර්ධන මහතාගෙන් අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා සංහාරයට වගකිව යුතු අය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සම්බන්ධය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණ ගැන මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඊට අදාළ කරුණු පිළිබඳව හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි අවස්ථා කිහිපයකදීම විමසා ඇති බවත් 2019 ජුනි මාසයේදී සේවයෙන් විශ්‍රාම ගත් සිරිවර්ධන මහතා විසින් අනාවරණය කර තිබේ. 

එමඟින් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි විසින් මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම පිළිබඳ පොලිස් විමර්ශනයට බලපෑම් කර ඇති බව වාර්තා වේ.

බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම පිළිබඳ පරීක්ෂණ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විෂය පථය යටතේ පොලිස් ඒකකයක් විසින් සිදු කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි අංශ වාර්තා පවත්වාගෙන යාමේ හා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අක්‍රමිකතා සිදු වූ ආකාරය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අනාවරණය කර ඇති බව පැවසේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.