රන්ජන්ගේ හඬපට පොලිසියට භාර දුන් ත්‍රී රෝද රථ රියදුරුට ලක්ෂ 10ක්



පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පොලිසියට භාරදුන් ත්‍රී රෝද රථ රියදුරාට මුදල් ත්‍යාගයක්දී ලබාදීමේ සුදානමක් පිළිබඳව වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාල වල ආන්දෝලනාත්මක ලෙස මේ දිනවල සංසරණය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට ත්‍රිරෝද රථයේ දමා ගොස් තිබියදී ඒවා පොලිසියට භාර දුන් තරුණයාට ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් ලබා දීමට සුදානම් බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

මේ ත්‍රී රෝද රථයේ රියදුරු තම සංගමය වෙත පැමිණියහොත් පොලිසියේ උපදෙස් ලබා ගෙන එම මුදල් ත්‍යාගය ඔහු වෙත පිරිනැමීමට ඔවුන් සුදානම් බව තව දුරටත් ඔහු සඳහන් කරනවා.

රටේ සැඟ වී තිබු නීති විරෝධි ක්‍රියා රාශියක් සම්බන්ධයෙන් මෙම හඬපට එළි වීමත් සමඟ ජනතාවට දැනගන්නට ලැබුන බවත් එම ක්‍රියාව හේතුවෙන් ත්‍රී රෝද රියදුරන් සම්බන්ධයෙන් ජනතාව අතර තිබුන ආකල්පය වෙනස් කළහැකි බවත් ඒ මහතා කියා සිටියා.


No comments:

Ad
Powered by Blogger.