Ad

චම්පිකගේ බිරිඳගෙන් විශේෂ හෙළිදරව්වක්..



මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය වන අසිනි රණවක මෙනවිය පවසයි.

තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන් සිටිය නොහැකි බවයි.

තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බව ඇය පවසනවා.

පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර ඇති නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරයි.

අසිනි රණවක මෙනවිය තැබූ එම ෆේස්බුක් සටහනට පාදක වී ඇත්තේ ඇයගේ මවගේ සංවේදී වීඩියෝවකි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කිසිඳු විටක බොරු පතුරුවන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන ආකාරයේ පුද්ගලයකු නොවන බවත් ඇය සහ පාඨලී මහතා කුඩා කල දන්නා බැවින් සත්‍ය අසත්‍ය කුමක්ද කියා ඇය හොඳින් දන්නා බවත් රණවක මහත්මිය පවසයි.


විවාහ වන දවසේදී පවා පාඨලී චම්පික රණවක මහතා ඇයට කියා සිටියේ පළමුව ඔහු ආදරය කරන්නේ රටට බවත් දෙවනුව ඔහුගේ මවට බවත් තෙවනුව ඇයට බවත් ලෙස පවසන රණවක මහත්මිය කියා සිටින්නේ එවැන්නෙකුට චෝදනා කිරීමට තරම් දරුවන් සිටින පියෙකුට යුතු නොවන බවයි.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.