Ad

‘අශේන්’ රන්ජන්ගේ හඬපට ගැන පොලීසියට කළ හෙළිදරව්ව

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයා ගෙන් (12) ප්‍රශ්න කර තිබෙනවා.


කොළඹ අපරාධ කොට්ඨාසය පැය තුනක පමණ කාලයක් මෙම ප්‍රකාශ ඔහුගෙන් සටන් කළ බවටයි අශේන් සඳහන් කර ඇත්තේ.

රන්ජන් මහතාගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවට වාර්තා වන අතර තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවද ඔහු පවසා තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම රාමනායක මහතාගේ නිවසට නිතර ආගිය ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

නමුත් ඔහු සඳහන් කරන්නේ, පුවත්පත් විසින් පළ කළ වාර්තා සම්පුර්ණ අසත්‍ය බවත් තමන් රන්ජන් රාමනායක සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.