Ad

රන්ජන්ගේ හඬ පටවල කතානායකත්?




රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද සංවාද ප්‍රසිද්ධියේ රූපවාහිනී තුළින් සහ සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රසිද්ධියට පත් වීම සම්බන්ධයෙන් පළමුවරට කතානායක කරු ජයදූරිය මහතා අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු ‌කොට ඇත.

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත්  නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ ‌කොට තිබේ.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම නිසා සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා පැවසීය.

කථානායක කරු ජයසුරිය මහතා මෙම අදහස් පළ කළේ  නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරිම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගී වීමෙනි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.