සංගරී උතුරේ නායකත්වය ඉල්ලයි.



දෙමළ දේශපාලන නායකයෙකුගේ විකල්ප අවශ්‍යතාවයක් උතුරේ ජනතාවට දැණෙන්නේ නම් ඒ අවස්ථාව තමන් වෙත ලබා දෙන මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා කිළිනොච්චියේ වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තෛපොංගල් දිනය නිමිත්තෙන් කිළිනොච්චියේ දිළිදු පවුල් වලට ආධාර බෙදාදීමේ අවස්ථාවකට ඊයේ (13) එක්වෙමින් ආනන්ද සංගරී මහතා මේ බව සඳහන් කළා.

තමන්ට මේ වන විට වයස අවුරුදු අසූහතක් වූවත් ජනතාවට හොද නායකත්වයක් ලබා දිය හැකි බවද ඔහු අවධාරණය කළා.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ ඇති පැරණිම දේශපාලන පක්ෂය බව කී ආනන්ද සංගරී මහතා තමන්ගේ දේශපාලන පරිණතභාවය අනුව ජනතාව ඉල්ලන දේ පිළිබදව මනා අවබෝධයක් තමන් තුල පවතින බවද පවසා තිබෙනවා.

වර්තමානයේ සිටින දෙමළ දේශපාලන නායකයින් කුමන හෝ රජයක් සමහ එකතු වී ඔවුන්ගේ පෞද්ගලික සැප සම්පත් වැඩි දියුණු කර ගැනීමට උත්සහ කිරීම මිස දුක් විදින ජනතාව කෙරෙහි අනුකම්පාවකින් යුතුව කටයුතු නොකරණ බවද සංගරී මහතා ඔහු සඳහන් කළා.

දෙමළ දේශපාලන නායකයින් දෙමළ ජනතාවට කිසිම දිනයක ලබා දිය නොහැකි පොරොන්දු එකක් නොව සියයක් පමණ ලබා දී ජනතාව මුලා කොට ඡන්දය ලබා ගැනීම සිරිතක් වී ඇති බව කී හෙතෙම තමන්ට එසේ කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද පැවසුවා.

මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ රට බෙදීමට හෝ දෙමළ ජනතාවට පමණක් කරගෙන යාමට අවශ්‍ය පාලන ක්‍රමයක් නොවන බව සදහන් කළ සංගරී මහතා දෙමළ ජනතාවට ඉතා හොදින් ජීවත් විය හැකි හා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයක් පමණක් බවද ප්‍රකාශ කළා.

උතුරේ දෙමළ දේශපාලන නායකයින් දෙමළ ජනතාවට ලබා දුන් ඉටු කිරීමට නොහැකි පොරොන්දුනිසා දෙමළ ජනතාව අතර ඒ නායකයින් විශ්වාසයක්නොමැති නායකයින් බවට පත්ව සිටීම නිසා දෙමළ ජනතාව විකල්ප නායකත්වයක් සොයන බවද ඔහු කියා සිටියා.

දෙමළ ජනතාව සොයන එම විකල්ප නායකත්වය සඳහා තමන් සුදුසුම දේශපාලනඥයා බව තමන්වි ශ්වාස කරණ නිසා ඒ නායකත්වය තමන් වෙත ලබාදීමට සිතා බලන ලෙසද ආනන්ද සංගරී මහතා කිලිනොච්චියේ වැසියන්ගෙන් එහිදී ඉල්ලා තිබෙනවා.

No comments:

Ad
Powered by Blogger.