Ad

රජිනි කාන්ත්ගේ විසා අයදුම්පත ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කල බවට පළවන පුවත අසත්‍යයක්


සුපිරි කොලිවුඩ් නලුවකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රධාන පෙළේ දමිළ දේශපාලන ක්‍රියාකාරිකයකු වන රජිනි කාන්ත් විසින් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඉදිරිපත්කල වීසා අයැදුම් පත්‍රය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වාර්තා වනවා.

උතුරු පළාත් හිටපු මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා විසින් පසුගියදා (11 වන සෙනසුරාදා ) රජිනි කාන්ත් තමිල්නාඩුවේදී හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බවට එහිදී රජිනි කාන්ත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ. 

එම හමුවේදී සාකච්ජා කල කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් මෙතෙක් මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත. 

රජිනි කාන්ත්ගේ වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප කල බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කරමින් ඒ හරහා දමිළ ජනතාව තුළ රජය කෙරෙහි යම් අප්‍රසාදයක් මතු කිරීමට සහ ජාතිවාදය ඇවිස්සවීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.