Ad

කටුවාපිටියේ විපතට පත්වූවන්ට උදව්කිරීමට පැමිණි විදේශික කාන්තාවකගේ බෑගයට විදලා.


පාස්කු ප්‍රහාරයෙන් කටුවාපිටියේ විපතට පත්වූවන්ට උදව්කිරීම සඳහා මෙරටට පැමිණි පෝලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකුව කොල්ලකා තිබෙනවා.

මෙම ධනවත් කාන්තාවන් දෙදෙනා කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීමට පැමිණි අවස්ථාවේදී ‍එක් කාන්තාවකගේ ගමන් බෑගය කොල්ල කා ඇති බවටයි වාර්තා වුණේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු බෑගය පැහැරගෙන පළා ගොස් ඇති අතර පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබුණු බවයි.

ඉන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මින් ඉහත ද විදේශිකයන් ගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි හතරකට අවශ්‍යව සිටි පුද්ගලයන් බවද පොලීසිය සඳහන් කළා.

මෙම සිදුවීමත් සමග විදේශික කාන්තාවන් තැති ගැනීමට ලක්ව දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.