Ad

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට – ශ්වසන රෝගීන්ට අනතුරුදායකයි.


කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශු ඊයේ (13 ) දිනයේදී ද ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන පරිදි පෙරවරු 8 සිට දහවල් 12 දක්වා කාලය තුළදී කොළඹ නගරයේ දූවිලි අංශු සඳහා තත්ත්ව දර්ශකය 120 ත් 140 ත් අතර අගයක් පෙන්නුම් කළ බවයි.

වියළි සුළං තත්ත්වය හේතුවෙන් වායුගෝලයේ දූවිලි අංශු ඉහළ ගොස තිබෙනවා ඒ අතරම දර්ශක අගය ඉහළ යාම සංවේදී පුද්ගලයන්ට යම් හානියක් ඇතිකළ හැකි වනවා.

ඇදුම ආදී රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් මෙම කාලසීමාවේදී ප්‍රවේශම්වීම වැදගත් බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.