“ලංකාවට අඛණ්ඩව ආයුධ දෙනවා”- රුසියානු විදේශ ඇමති


ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛන්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් පවසනවා.

ඒ, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට අද (14) පෙරවරුවේ රුසියානු විදේශ අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදීයි.

දෙදින සංචාරයක් සඳහා අද(14) අලුයම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දිවයිනට පැමිණියා.

රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග ඒකමතිකව කටයුතු කිරීම පිළිබදව ඔහු ලක් රජයට ස්තූතිය පළ කළා.

42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසීමට නියමිතයි.

No comments:

Ad
Powered by Blogger.