ලොව බලවතුන් හා ජනපති අතර හමුවක්...


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට  ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චිනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවත් රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මීට අමතරව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝයි මහතාද අද (14) ජනාධිපතිවරයා හමුවුණා.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මියද, ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතාද ජනාධිපතිවරයා හමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලොව බලවත්ම හා ධනවත්ම රටවල නියෝජිතයින් පැය 24ක් තුළ මෙරටට පැමිණීම දුර්ලභ දේශපාලන සිදුවීමක් බවයි.
Like

No comments:

Ad
Powered by Blogger.