Ad

ගාමිණීගේ එක පුතෙක් සජිත්ට ‌එක්වෙයි.


එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වූ ගාමිණී දිසානායක මහතාගේ එක් පුත්‍රයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීන්දු ‌කොට ඇත.

(13) දින මහනුවරදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලබන බ්‍රහස්පතින්දා (16) එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් රහස් ජන්දයක් විමසිය හැකි බවත්, එසේ ජන්දයක් පැමිණියහොත් තමන් සජීත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් ජන්දය ලබා ‌දෙන බවත්ය.

කෙසේවෙතත් මයන්ත දිසානායක මහතා ‌මෙසේ සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කළද ඔහුගේ ‌සොහොයුරා වන හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අවසන් වරට පැවැති කණ්ඩායම් රැස්වීමේදී සජිත් ‌ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ‌ගෙන තිබිණ.

එම ප්‍රහාරය ‌කෙතරම් දරුණු වීද යත් ඒ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මහතා නැගිට නවීන් දිසානායක මහතාට පහර දීමට උත්සාහ කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
මයන්ත දිසානායක මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ‌මෙවැනි පසුබිමක් යටතේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.