Ad

ට්‍රම්ප්ගේ ඉරණම අද තීරණය වෙයි ?


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අද (16) එරට සෙනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සෙනට් සභිකයින් ප‍්‍රකාශ කරන ඡන්දවලට අනුව ඩොනල්ඩ් ට‍්‍රම්ප් තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳෙන්නේ ද නැතහොත්, ඔහු ජනාධිපති ධූරයයෙන් ඉවත් කෙරෙන්නේ දැයි තීරණය කෙරෙනවා. 

කෙසේ වෙතත් දෝෂාභියෝගයට අදාළව එරට කොංග්‍රස් මණ්ඩල කතානායක නැන්සි පොලෝසි වෙත පිටු හයකින් යුතු ලිපියක් ට්‍රම්ප් යොමුකරා.

සිය බලතල අනිසි ලෙස භාවිත කිරීම හා කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගය හරහා ජනාධිපති ට‍්‍රම්ප් වෙත චෝදනා නගා තිබෙනවා.

මෙම දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඉකුත් දා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සිය ඡන්දය භාවිතා කරනු ලැබුවා. 

ඩොනල් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙම දෝෂාභියෝගය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක් බවත්, දෝෂාභියෝගයක වටිනාකම මෙමගින් විනාශ කර ඇති බවත්ය.

කෙසේවෙතත්, සෙනට් මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට හිමි බැවින් දෝෂාභියෝගය පරාජයට පත්වී ජනාධිපතිවරයා ජය ගනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.