එජාපයේ හොඳම නායකයා රංජන්-කංචන විජේසේකර


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා රංජන් රාමනායක මහතා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මාතර  අකුරැස්ස  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ සියලු කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහුට හැකියාවක් ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට එජාප මන්ත්‍රීවරු අකමැති වී බවත් රංජන් රාමනායක මහතාගේ හඬපටවලින් පසුව ඔවුන්ටත් මැතිවරණයට යෑම ඉක්මනින් අවශ්‍ය බවයි.

දවසින් දවස විවිධ එජාපයේ මන්ත්‍රිවරුන්ගේ හඬපට එළියට එන බවත්, මේ දිනවල නායකත්වය ගැන විවිධ කතා ඇතිව තිබෙන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එජාපයේ සිටින හොඳම නායකයා රංජන් රාමනායක මහතා යැයි පැවසීය.

රංජන් රාමනායක සියලු දෙනා සමඟ ගනුදෙනු කර ඇති බවත්, ඒ හේතුවෙන් පක්ෂයේ සියලු සම්බන්ධීකරණ කටයුතු ඔහු විසින් සිදු කර ඇතැයි ද කංචන විජේසේකර මහතා කියා සිටියේය.

No comments:

Ad
Powered by Blogger.