ඉරාජ් Paypal පෙන්නා කැම්පේන් කරලා ?


ඉරාජ් වීරරත්න සිය මුහුණුපොතේ Paypal මූල්‍ය සේවාව අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සටහනක් තබා තිබුණා.

තරුණයින් අතර වඩාත් ප්‍රචලිත අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන PayPal 

මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සමාජ ගිණුමට ගොස් කමෙන්ට් පල කරන්නැයි ප්‍රසිද්ද ගායක ඉරාජ් වීරරත්න පොස්ටුවක් දමා තිබෙනවා.

මෙයින් මුලාවට පත් තරුණ ප්‍රජාව ඒ අනුව කටයුතු කරනු දක්නට ලැබුණා.



මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුනා පාර්ලිමේන්තු අමාත්‍ය Wimal weerawansa සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යොජනා කරා ලංකාවට PayPal ලාබා දෙන ලෙස මොකද අපේ තරැණ තරැණියන්ට Paypal මගින් රටට විදේශ විනිමය ගේන්න පුලවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුලුවන් ඉතා ඉක්මනින් මේ හරහා. සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.
ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන් 🙏

අපිට ඉතා ඉක්මනින් Paypal ඕනේනම් සහ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඕනේ නම් දැන්ම එතුමාගේ Page එකට ගිහිල්ලා Comment කරලා ඉල්ලන්න හැම Post එකක් යටින්ම ඉක්මනින් ලංකාවට Paypal ලබා දෙන ලෙස... 

මම වගේ පොඩ්ඩක් ඇනයක් වුනාම ඕනෑම වැඩක් ඉක්මනින් කරගන්න පුලුවන් අපේ රටේ 🤪💪
ලෑස්තිද ? 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://www.facebook.com/WimalWeerawansa.sl/
Minister Of Industry & Supply Management, Small & Medium Scale Enterprises and Entrepreneur Development.


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉරාජ් පවසන පරිදි පහමුවෙන් එම මූල්‍ය සේවාව ලබා ගත නොහැකි බවයි.

PayPal පෙන්වා ජනතාව මුලා කොට පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන ඉරාජ් වැනි පුද්ගලයන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පලා කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්
කෙසේවෙතත් ඉරාජ් වීරරත්න මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ දක්වා තිබූ වීඩියෝව

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.