තාජුඩීන් ඝාතන නඩුව මාර්තු 02දාට කල් යයි..



රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව ලබන මාර්තු මස 02දා දක්වා කල් තබා තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධව චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට පැමිණීමට නොහැකි තරම් රෝගී තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමිනුයි.

කෙසේ වෙතත් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියෝග කළේ දෙපාර්ශවයේ සාක්කි ලැයිස්තු ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

No comments:

Ad
Powered by Blogger.