රෝහන විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි.



රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කරතිබූ සාවද්‍ය මුදල් පරිහරණය කිරිමට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වි තිබෙනවා.

මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන හඬපට වලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට පසුගිය කාලයේ සිදු කෙරුණු බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වුණා.
එබැවින් අදාළ නඩුවේ සාක්ෂි විභාගය යළි සලකා බලන ලෙසයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ඉකුත් රජය සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුවක් ගොණු කර තිබුණා. 

එම නඩුව අද (16) කැඳවූ අවස්ථාවේ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

එම හඩපට වල මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නම අවස්ථා කිහිපයක සඳහන්ව ඇති බවත් මෙම කරුණ සම්බන්ධයෙන් රජය මගින් පත් කිරීමට යෝජිත කොමිෂන් සභාවක් ඉදිරියේ තම සේවාදායකයා කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
නඩුව මාර්තු මස 10වනදා දක්වා කල් තබා තිබෙනවා.

No comments:

Ad
Powered by Blogger.