රන්ජන් එක විනිසුරුවරයකු ‌ගෙදර යවයි..



පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ‌ගෙන ඇත.

වැඩතහනමට ලක්වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල වෙනුවට එම ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර ඇත. 

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කිරීමට පියවර ‌ගෙන තිබිණ.

No comments:

Ad
Powered by Blogger.