මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පණත ගේන්නේ මහ මැතිවරණයේදී ඡන්දේ ගන්නයි – මුජිබර්



පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කර තිබෙන මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විශේෂ ප්‍රකාශයක් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
එහිදී පාර්ලිමේන්තුවට රතන හිමියන් විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාව අධිකරණ අමාත්‍යංශයට යොමු කර අමාත්‍යවරයාගේ අදහස් බලා එය නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එයට අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට එවිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව රැස්වන විට කැබිනට් අනුමැතිය හා පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබෙන්නේ නම් මෙය ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම පණත රතන හාමුදුරුවන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තමන්ගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්ද ලබා ගැනීමේ අරමුණින් බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.


No comments:

Ad
Powered by Blogger.