Ad

රන්ජන්ගේ හඬපට පරීක්ෂා කරන්න පොලිස් කණ්ඩායම් 10ක්..


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පමණ පත්කර තිබෙනවා.

අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇතැ බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අදාළ හඬපට පරීක්ෂා කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සිදුවන බවද සඳහන්.
විශාල හඬපට ප්‍රමාණයක් ඇති බැවින් ඒවා පරීක්ෂා කර ඊට අදාළ කරුණු වාර්තා කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.