එජාප මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන සියඹලාපිටිය කණස්සල්ලෙන්..



එක්සත් ජාතික පක්ෂ නායකත්වය අතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරිම් පිළිබඳව තමා කණගාටුවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පවසයි.

කෑගල්ල  ප්‍රදේශයේ  පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එජාපය අලුත් වැඩ පිළිවෙලක් දියත් කරන බව පවසන බවයි.

ඔවුන්ගේ අලුත් වැඩපිළිවෙල කෙසේ වෙතත් එජාප මන්ත්‍රීවරුන්ගේ හැසීරිම ගැන තමාට ඇත්තේ කණගාටුවක් බවත් ඒ මහතා පැවසීය.

පොඩි ළමයි පවා ඔවුන්ගේ හැසීරීම පිළිබඳ දන්නා බවත් නායකත්වය පවා එවැනි හැසිරීමක් අනුමත කිරීම කණගාටුවක් බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පමණක් නොව පුරවැසියෙක් ලෙසත් තමා එම හැසිරීම ගැන කණගාටු වන බවත් ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩුවක් සාදා දීමට විවිධ බලපෑම් ඉදිරියේ ක්‍රියාත්මක වෙනු ඇති බවත් ඒ ගැන ඉතා වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සියඹලාපිටිය මහතා පැවසීය.

No comments:

Ad
Powered by Blogger.