සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනෙයි


ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරන බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමෙන්තුව පවසයි.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පෙරේදා (15) ඔවුන් මෙරටට රැගෙන පැමිණියා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 3/41 චත්තනාබර් කපුගස්තලාව නාවලපිටිය පදිංචිව සිටි මොහොමඩ් සලීම් අබ්දුල් සලාම් (30) සහ අංක 30 සිරිබෝපුර හම්බන්තොට පදිංචිව සිටි මොහාමඩ් සහන් මොහොමඩ් රියාස් (37) නමැති දෙදෙනායි.

ඩුබායි රාජ්‍යයේ අබුඩාබි නගරයේ සැඟවී සිටි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් මීට දින 5කට පෙර එරටට ගොස් සිටියා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.