අනතුරින් පසු එස්.එම්.චන්ද්‍රසේන මාධ්‍ය මග හරී..


වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ සුඛෝපභෝගී නිල රථය සම්බන්ධ රිය අනතුරෙන් පසුව අමාත්‍යවරයා මාධ්‍ය මග කරිමින් කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් විමසීමට අප අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සහ කළ මුත් එම උත්සහය ව්‍යර්ථ වුණේ ඔහු ඇමතුම හා සම්බන්ධ නොවීම නිසයි.

කෙසේ වෙතත් අනතුරෙන් පසුව එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා හිතාමතා මාධ්‍ය මගහැර කටයුතු කරමින් සිටිනවා.

චන්ද්‍රසේන මහතාගේ නිල රථයේ ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුළු ඔහුගේ බිරිඳත් දියණියත් අනතුරට ලක් වුණා.

අනතුරෙන් පසුව රෝහලට ඇතුලත් කිරීමට පෙර, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ සිවිල් ආරක්ෂක භටයා ජීවිතක්ෂයට පත් වුණා.

මේ වන විට ඔහුගේ බිරිඳත් දියණියත් බරපතල තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ප්‍රතිකාර ලබන ඔවුන්ගේ තත්ත්වය මේ වන විට අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනතුරෙන් පසුව එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා තුවාලකරුවන්ගේ තත්ත්වය නොසලකා හරිමින් ක්ෂණයෙන් ඔහුගේ පරිවාර ආරක්ෂක රථයට නැගී අනතුර සිදු වූ ස්ථානයෙන් වහා ඉවත්ව ගොස් තිබෙනවා.

රිය අනතුර සහ සිදුවූ ජීවිත හානිය සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින පරීක්ෂණවල විනිවිද භාවය පිළිබඳවද ගැටලු මතු වී තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.