නව සංධානයේ නායකත්වය සජිත්ට : වෘත්තීයවේදීන් කණ්ඩායමකට නාමයෝජනා


එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් අද(17) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක නිරත වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් මෙම සාකච්ජාව සදහා සහභාගී විය. 

එම සාකච්ජාවේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීම සඳහා පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් බිහි කරගැනීම සදහා ඒකමතික තීරණයකට එළඹ ඇති අතර එම සංධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පක්ෂ නායකයින් අතර එකඟත්වයක් ඇතිවී තිබේ. 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නව සංධානයේ නාමයෝජනාවලියෙන් සැලකියයුතු ප්‍රතිශතයක් නව වෘත්තීයවේදීන් කණ්ඩායමකට ලබාදීමට එහිදී තීරණය කර තිබේ. ඒ සඳහා ඉදිරි සතියේදී නාමයෝජනා මණ්ඩලයක් පත්කිරීමටද සැලසුම් කර ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.