රන්ජන් හා සංවාදයේ යෙදුන විනිසුරුවන්ගේ දුරකථන වාර්තා ලබා ගැනීමට යයි.


හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින වත්මන් හා හිටපු විනිසුරුවන් තිදෙනාගේ දුරකථන වාර්තා ලබා ගැනීමට කොළඹ අපරාධ අංශය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගේ හඬ පරීක්ෂණයකට යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා මෙහිදී සඳහන් කරන ලදී.

මේ අතර, රාමනායක මහතා සහ තවත් විවිධ පුද්ගලයින් අතර ඇතිවූ දුරකථන පටිගත කිරීම් පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය වෙත කාන්දු වී ඇත්දැයි සොයා බලා නැවත අධිකරණයට වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.