Ad

කටුනායක ගුවන්තොටුපළේ තහනම් කලාපයේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට



කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. 

ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම් කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන ආකාරයෙන් රැදී සිට විවිධ බලපෑම් සිදුකළ මෙම සැකකරුවන් 09 දෙනා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා. 

පසුව ඔවුන් කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. 

ඔවුන් අවුරුදු 31ත් 68ත් අතර වයසේ පසුවන ආඬිඅම්බලම, ගාල්ල, මිනුවන්ගොඩ, මීගමුව, හතරලියද්ද, වාරියපොල, සීදුව සහ වලස්මුල්ලයන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.