හඬපට සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි.



පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ බව කියන ගිහාන් පිලිපිටිය සහ ධම්මික හේමපාල යන මහේස්ත්‍රාත්වරුන්ගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තාවනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත එම මහේස්ත්‍රාත්වරුන්ගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන්.

රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ බව කියන විනිසුරුවරුන්ගෙන් නොපමාව ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාෂයේ අධ්‍යක්ෂකවරයාට අද (16) නියෝග කර තිබුණා.

No comments:

Ad
Powered by Blogger.