Ad

එජාප මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරට ඇප



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැර තිබෙනවා. 

2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටියේය යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු සිව් (04) දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හලාවත මහාධිකරණය හමුවේ නඩු පැවරුවා.

ඇප ලබා දීමේදී විත්තිකරුවන්ට මහාධිකරණය ඇප කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව සෑම සතියකම ඉරු දින හලාවත පොලීසිය හමුවේ විත්තිකරුවන් පෙනී සිටිය යුතු වේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 10 වැනිදා හලාවත මහාධිකරණය හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ විත්තිකාර මන්ත්‍රීවරයා ඇප කොන්දේසි කඩ කර ඇති බවය.

එතැන් සිට අවස්ථා කීපයකදීම නඩුව කැදවන ලදි.ඒ සෑම අවස්ථාවකදීම සැකකාර මන්ත්‍රීවරයාට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරිය සැකකාර මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කළා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.