Ad

සමන්තුරේ දී ජීව උණ්ඩ හා තවත් බදු රැසක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට.


සමන්තුරේ පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය, සමන්තුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ(22) සවස 5.45ට පමණ මෙම වැටලීම සිදු කර ඇත්තේ සමන්තුරේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමේ දීය.

එහිදී නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙක් හා භාණ්ඩ රැසක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර, මිලිමීටර් 5.5 ජීව උණ්ඩ 52 ක්, මිලිමීටර් 7.5 ජීව උණ්ඩ 12 ක්, කළු බෙහෙත් ග්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ ග්‍රෑම් 1 ග්‍රැම් 40 ක්, ගලවන ලද ඩෙටනේටර් කොටස් 1 ක් හා බඳින තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද(23) සමන්තුරය මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සමන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.