දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..


විශ්ව ශක්ති බලයෙන් රෝග සුවකිරීමේ වැඩසටහනකදී ලබා දුන් ආහාරයකින් සිසුවකු අසාධ්‍ය තත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දීගොඩ කුමාර නමැත්තා මේ මස 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (23) එම නියෝග නිකුත් කළා. දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයකට අනුව  අද ඔහු නීතීඥයකු මාර්ගයෙන් ගොස් අධිකරණයට බාර වී තිබුණා.

ඔහු පිළියන්දල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වු සිසුවකුට බලහත්කාරයෙන් පාන් අනුභව කිරීමට සලස්වා තිබුණා.

සිසුවාට පාන් පිටි ආහාරයට ගැනීම හානිදායක බව සඳහන් කරද්දී ඔහු බල කිරීම හේතුවෙන් , එම පාන් ආහාරයට ගත් සිසුවා අසාධ්‍ය තත්වයට පත්ව කලුබෝවිල ශික්ෂණ රෝහලට  ඇතුළත් කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මොහු අත්අඩංගුට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

ඒ අනුව අද ඔහු මෙලෙස අධිකරණයට බාර වීමෙන් පසු  රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.