ත්‍රිපෝෂ සමාගමේ නව සභාපති වැඩ භාර ගනී.



ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දීප්ති කුලරත්න මහතා සිය ධූරයේ ඊයේ (23) වැඩ බාර ගනු ලැබුවා. 

සියධූරයෙන් වැඩ බාර ගැනීමෙන් පසු දීප්ති කුලරත්න මහතා පවසා සිටියේ, මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරීම/වළක්වා ගැනීම, දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන මූලික කරුණු දෙකක් වන බවත් සිය ධූර කාලය තුල ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නංවමින් නව රජයේ දැක්මට සරිලන අයුරින් සිය ධූරයේ රාජකාරි ඉටු කිරීමට කටයුතු කරන බවයි.

ත්‍රිපෝෂ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයකි. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑමි 750 පැකට් 02 බැගින් එය නොමිලේ බෙදා හරිනු ලබනවා.

දිවයින පුරා වෙසෙන මිලියනයකට ආසන්න මෙම ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අතිරේක ආහාරය ජා-ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ නිපදවා දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වෙත බෙදාහරිනවා.

මීට අමතරව වතුවල ජනතාවට ද, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන 09 ක් වෙත ද ත්‍රිපෝෂ අතිරේක ආහාරය බෙදාහරිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පූර්ණ අනුබද්ධිත ත්‍රිපෝෂ සමාගම දේශීය අවශ්‍යතාවයෙන් අතිරික්ත නිෂ්පාදනය “සුපෝෂ” නමින් මෙරට වෙළෙඳපොලට 2017 වසරේ සිට නිකුත් කරනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.