විද්‍යා පීඨවලට 2018 බඳවා ගැනීම් සිදු නොකිරීමේ හේතුව අභ්‍යන්තරයේ ගැටලුවක්ද?



ජාතික විද්‍යාපීඨ සඳහා 2018 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් මෙතෙක් බඳවා නොගැනීම හේතුවෙන් සිසු සිසුවියන් 4000කට ආසන්න පිරිසක් දැඩි අපහසුතාවට පත් වී තිබෙනවා.

එම වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මේ වනවිට විශ්වවිද්‍යාලවලට තෝරාපත් කොට අවසන් වී එහි අධ්‍යාපනය ලබන නමුත් විද්‍යාපීඨ අපේක්ෂාවෙන් සිටි තමන්ට වෙනත් රැකියාවකටද යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට එම සිසුන් චෝදනා කරනවා.

තවද 2016 සහ 2017 වසරවල උසස් පෙළ ලියූ කණ්ඩායමේ විද්‍යාපීඨවලට තෝරාපත් වූ සිසුන් ඉකුත් වසරේ අවසන් කාලසීමාවේ විද්‍යාපීඨ සඳහා බඳවා ගත්තද එහි පුරප්පාඩු වූ සිසුන් 1200ක් පමණ මෙතෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගෙන නොමැති බවට වාර්තා වනවා.

8000ක පමණ සිසුන් කණ්ඩායමක් එම වර්ෂ දෙකෙන් විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට ජාතික විද්‍යාපීඨ ශාඛාව තීරණය කළා.

පළමු කණ්ඩායම බඳවා ගෙන මාස තුනක් පමණ ගත වුවද එහි පුරප්පාඩු වූ දෙවන කණ්ඩායම මෙතෙක් බඳවා නොගැනීම මත ඔවුන්ගේ පාඨමාලා කාලය නිසි ලෙස අවසන් කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබෙනවා.

ජාතික විද්‍යාපීඨ ශාඛාවේ ප්‍රධානීන් දෙදෙනකු අතර පවතින බල අරගලයක්ද මේ ප්‍රමාදයන්ට හේතු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.